දේශීය

අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය අද (30) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිතව තිබේ.

 

අද පෙරවරු 9.00යේ සිට පෙරවරු 10.00 දක්වා ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපස පිහිටි විශේෂ උත්සව ශාලාවේ තැන්පත් කර තැබීමට නියමිතය.

 

මෙහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද දේහයට අවසන් ගෞරව දැක්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

1941 වර්ෂයේ සැප්තැම්බර් 15 වන දින උපත ලැබූ ජෝශප් මයිකල් පෙරේරා මහතා මෙරට පාර්ලිමේන්තුවේ 17 වන කථානායකවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

Related posts

ශ්‍රී ලංකා – පකිස්ථාන වෙළඳ සම්බන්ධතාවය තවදුරටත් පුළුල් වෙයි

Mohamed Dilsad

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තා වෙයි

Mohamed Dilsad

සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් යළිත් රිමාන්ඩ් [UPDATE]

Mohamed Dilsad

Leave a Comment