දේශීය

නවුෆර් මවුලවි ඇතුළු 25 දෙනාට පාස්කු නඩුවේ චෝදනා කියවාදීම ඇරඹෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති චෝදනා විත්තිකරුවන්ට කියවාදීම කොළඹ මහාධිකරණය හමුවේ අද (31) ආරම්භවී තිබේ.

 

දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම චෝදනා කියවාදීම සිදුවිය.

 

මෙම අවස්ථාවට නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

 

 

Related posts

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

කළුබෝවිල රෝහලේ සේවකයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

කතානායකට එරෙහි විශ්වාසභංගයක්

Editor O

Leave a Comment