දේශීය

තවත් බිත්තර තොගයක් දිවයිනට

ඉන්දියාවෙන් ආනයන කළ තවත් බිත්තර තොගයක් ඊයේ (04) රාත්‍රී දිවයිනට රැගෙන ආ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

 

එහි සභාපති අසිරි වලිසුන්දර මහතා පැවසුවේ, මේවන විට බිත්තර මිලියන 04ක් ආනයනය කර ඇති බවය.

 

බිත්තර මිලියන 2ක ප්‍රමාණයක් පසුගිය 23 වැනිදා පළමු වරට ආනයනය කෙරෙණු අතර දින 4කට පමණ පෙර තවත් බිත්තර මිලියනයක් ආනයනය කෙරෙණු බව ඔහු පැවසීය.

 

එම බිත්තර තොගය මේවනවිට අනුමැතිය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

 

ඊයේ රාත්‍රී ආනයනය කෙරෙණු බිත්තර නියදි අද (05) දිනයේ පරීක්ෂණාගාර වෙත යොමු කරන බව ආසිරි වලිසුන්දර මහතා පැවසුවේය.

 

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර සාමාන්‍ය පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා මේ වන තෙක් අවසර ලැබී නොමැති බවද ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.

 

 

Related posts

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම යළි ඇරඹේ

Mohamed Dilsad

2020 O/L සෞන්දර්යය ප්‍රායෝගික පරීක්ෂණ මැයි 18 වැනිදායින් ඇරඹේ

Mohamed Dilsad

ලියාපදිංචි නොවූ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ගැන තීරණයක්

Mohamed Dilsad

Leave a Comment