දේශීය

මුදල් වංචා සිදුකළ හොර දොස්තර අත්අඩංගුවට

රිජ්වේ ආර්යා ළමා රෝහල ඉදිරිපිට දී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

 

බොරැල්ල පොලීසිය සඳහන් කළේ, සැකකරු වෙද නලාවක් කරවට දමාගෙන විදේශ රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කර ඇති බවය.

 

සැකකරු සතුව තිබී වෙද නලාවක්, වෛද්‍යවරුන් අඳින නිල ඇඳුමක්, වෛද්‍යවරුන් පරිහරණය කරන විවිධ ලෙඩ රෝග සම්බන්ධයෙන් මුද්‍රිත පොත් පත් කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

 

සැකකරු වෛද්‍යවරයෙකු ලෙස සැරසී කොළඹ ජාතික රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල ආශ්‍රිතව සැරිසරමින් රෝහල්වලට පැමිණෙන පුද්ගලයින් මුලාකරමින් මෙම වංචාවන් සිදුකර තිබේ.

 

එහිදී සැකකරු විසින්, බිරිඳගේ නමට ඔස්ට්‍රේලියාවේ තිබෙන ඇපල් වත්තේ පුද්ගලයින් කිහිපදෙනෙකුට රැකියා අවස්ථා ඇති බව රෝගීන් බැලීමට රෝහල්වලට පැමිණෙන පුද්ගලයන්ට පවසා සූක්ෂම ලෙස ඔවුන්ව වංචාවලට හසුකරගෙන ඇත.

 

එලෙස මෙම වංචාව දීර්ඝ කාලයක සිට සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

සැකකරු සැරසී සිටින ආකාරයට සහ කතා විලාසයට රැවටෙන පුද්ගලයින් රැසක් විදේශගතවීමේ බලාපොරොත්තුවෙන් ඔහුට මුදල් ලබාදී ඇති බව පොලීසිය පවසයි.

 

එලෙස මුදල් ලබාදීමට පැමිණි එක් අයෙකුට ඇතිවූ සැකයක් මත බොරැල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලබාදී තිබූ දැනුම්දීමකට අනුව වැටලීම සිදුකර සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55ක නිට්ටඹුව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිවී සිටින මාරවිල ස්ථිර පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇත.

 

සැකකරු ඒ අයුරින් මීට මාස කිහිපයකට ඉහතදී කොළඹ ජාතික රෝහලේදී පුද්ගලයකුගෙන් රුපියල් 75,000ක මුදලක් වංචා කර ඩොලර් නෝට්ටු බවට හරවාගෙන පැමිණෙන බවට පවසා පළායාමක් සම්බන්ධයෙන් මරදාන පොලීසිය වෙතද පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

 

 

Related posts

පොලිස් සැරයන්වරයෙකු ඇතුලු අටදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

බිබිල – චෙන්කලඩි දක්වා මාර්ගය ජනතා අයිතියට

Mohamed Dilsad

වෙසක් සැමරුම නිමිත්තෙන් මුද්දර 3 ක් [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment