දේශීය

දුම්රියක් පීලි පැන මැදිරියක් පෙරළෙයි

ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන උදයදේවී දුම්රියට සම්බන්ධක දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ.

 

දුම්රිය අග්බෝපුර දී මෙම පීලිපැනීම සිදුවී ඇති අතර, මැදිරි ත්‍රිත්වයක් පීලි පැනීමට ලක්වී ඇත.

 

එසේම, නියාමක මැදිරිය පෙරළීගොස් ඇති අතර, එහි සිටි සහයක නියාමකවරයා තුවාල ලබා තිබේ.

 

අනතුරෙන් මඟීන්ට ද තුවාල සිදුවී ඇති බව වාර්තා වෙයි. තුවාල ලැබූ පුද්ගලයින්ව ප්‍රතිකාර සඳහා කන්තලේ රෝහල වෙත රැගෙනයෑමට පියවර ගෙන තිබේ.

 

මේ වනවිට තුවාලකරුවන් 16 දෙනෙකු රෝහල වෙත රැගෙනවිත් ඇති බවද වාර්තා වෙයි.

 

 

Related posts

ආපදා සහන සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසියෙන් උපරිම දායකත්වය

Mohamed Dilsad

මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න – නාමල් රාජපක්ෂ

Editor O

අනවසර ස්ථානවල වාහන නවත්වන රියැදුරන් සොයා අද සිට මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment