ප්‍රමුඛ පුවත 1

කොළඹ අධික වාහන තද බදයක්

(උදයම්,කොළඹ) – පවතින අධික වර්ශාව හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.

ඒ අනුව ග්‍රෑන්ඩ් පාස්, දෙමටගොඩ, බොරැල්ල, කිරුළපන, හයිලෙවල් මාර්ගය, තුන්මුල්ල අවට රථවාහන තදබදයක් පවතින බවටයි වාර්තා වන්නේ.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ප්‍රදේශවලට ප්‍රබල අකුණු සමග තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන තද සුළං පැවතිය හැකි අතර උතුර සහ දකුණු මුහුදු ප්‍රදේශවල කිලෝමීටර 60 – 70 දක්වා ඉහළ යන තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

අංගොඩ ලොක්කා විස ශරීර ගත වීමෙන් මිය ගිය බව හෙළිවෙයි

Mohamed Dilsad

ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් අද කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතයි.

Mohamed Dilsad

මෙරට මුලු ආසාදිතයන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment