දේශීය

වන්දනාවේ යමින් සිටි තිරික්කල පෙළට බස් රථයක් කඩාවදී

බස් රථයක් තිරික්කල 05ක ගැටීමෙන් අද (07) දහවල් අනතුරක් සිදුවී තිබේ.

 

තන්තිරිමලේ වැව් බැම්ම මතදී අනතුර සිදුවී ඇත.

 

මන්නාරම සිට පුත්තලම ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගීවීමට යමින් සිටි පුද්ගලයින් පිරිසක් රැගත් බස් රථයක්, මඩු වන්දනාවේ යමින් තිබූ තිරික්කල් 05ක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

 

අනතුරින් තිරික්කලවල ගමන් කරමින් සිටි පුද්ගලයින් 04 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇත.

 

පොලීසිය සඳහන් කළේ ගවයින් 04 දෙනෙකුට ද අනතුරින් තුවාල සිදුවී ඇති බවය.

 

බස් රථයේ රියදුරුගේ නොසැලකිල්ල අනතුරට හේතුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත.

 

 

Related posts

මෙරට කොවිඩ් මරණ දස දහස ආසන්නයේ

Mohamed Dilsad

🔴 JUST IN : 08 වන විධායක ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වෙයි

Mohamed Dilsad

කොරෝනා මර්දනයට රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමට පියවර

Mohamed Dilsad

Leave a Comment