දේශීය

රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි

හෙට (08) දිනයේ දහවල් 12.12ට ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

බෙම්මුල්ල, තිහාරිය, පුපුරැස්ස, තෙරිපැහැ, වඩිනාගල සහ තිරුක්කෝවිල් යන ප්‍රදේශවලට එලෙස හිරු මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමෙන්, සූර්යයා අප්‍රේල් 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

 

බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පනින්නේ ඇයි?

Mohamed Dilsad

යාමට නොහැකිවූ දුම්රිය ගමන් සඳහා යළි ටිකට් පත්

Mohamed Dilsad

බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණය හෙට

Mohamed Dilsad

Leave a Comment