දේශීය

උසස් පෙළ සිසුන් කොට උඩ – ආචාර්යවරුන්ගේ තීරණය ?

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්දයෙන් මේවන තෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

 

එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසුවේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකලාපය පිළිබඳ සැහීමකට පත් නොවන බවය.

 

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග සාකච්ඡා කර සාධනීය විසඳුම් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

 

පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇගයීම් ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා යහපත් ප්‍රතිචාර දක්වනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබුණි.

 

 

Related posts

තලවතුගොඩදී වෙඩිවැදුණු පුද්ගලයා මරුට

Mohamed Dilsad

ඇල්ලවල දියඇල්ල නැවත දැනුම් දෙනතුරු සංචාරකයින්ට තහනම්

Mohamed Dilsad

අරගල පැවැත්වෙන ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ධාවනය නොවේ

Mohamed Dilsad

Leave a Comment