දේශීය

සාදය ඛේදවාචකයක් වෙයි – 9ක් රෝහලට අයෙක් මරුට

අද (08) අලුයම මාතලේ තොටගමුව වෙල්යාය අසලදී ජිප් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුවී ඇත.

 

අනතුරින් තුවාල ලැබූ ජිප් රථයේ රියදුරු අතුළු තවත් තරුණයින් 09 දෙනෙකු මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් තරුණයෙකු මියගොස් තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි තොටගමුව වත්ත, පලාපත්වල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.

 

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පාසලක 2022 වර්ෂයේ උසස්පෙළ විභාගයට පෙනීසිටි සිසුන් පිරිසක් බව පොලීසිය පවසයි.

 

පලාපත්වල ප්‍රදේශයේ පිහිටි හෝටලයක සංවිධානය කර තිබූ ඔවුන්ගේ සුහද හමුවක් අවසානයේ ආපසු එමින් සිටිදී මෙම සිසුන් මෙලෙස අනතුරට ලක්වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

අනතුර සම්බන්ධයෙන් මාතලේ පොලීසිය විමර්ශන සිදුකරයි.

 

 

Related posts

ධීවර සහ නාවික කටයුතු වලින් වළකින්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

ඊයේ කොවිඩ් මරණ 46ක්

Mohamed Dilsad

ගතවූ වසර 05ක කාලය තුළ, පොලිස් අත්අඩංගුවේදී සහ අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී සැකකරුවන් 79 ක් මියගිහින්.

Editor O

Leave a Comment