දේශීය

ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත්

ඩෙංගු මර්දන වැඩසටහන හේතුවෙන් රෝග ව්‍යාප්තියේ අඩුවීමක් අපේක්ෂා කළහැකි බව කොළඹ මහ නගර සභාව පවසයි.

 

එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ ඩෙංගු මර්දනය කිරීම සඳහා අනුගමනය කරන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවය.

 

මෙතෙක් සිදුකරන ලද පරික්ෂා කිරීම් වලදී මදුරුවන් බෝවන ස්ථාන තිස්දහසකට අධික සංඛ්‍යාවක් හඳුනාගත් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

කෙසේ වෙතත් කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා පැවසුවේ ඩෙංගු මර්දන සති ප්‍රකාශයට පත් කළ ද එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල අත්වී නොමැති බවයි.

Related posts

බස් ගාස්තු අඩුකරන්න බස් සංගම් සූදානම්

Mohamed Dilsad

මැතිවරණ ගැසට් නිවේදනය පිලිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

ගුරු මාරු ගැන එන අලුත්ම ක්‍රමවේදය

Mohamed Dilsad

Leave a Comment