දේශීය

මල්වෙඩිල්ලක් වැදී පුද්ගලයෙක් මරුට

තඹුත්තේගම තේක්කවත්ත ප්‍රදේශයේදී මල්වෙඩිල්ලක් දැල්වීමට යාමේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

පොලීසිය පැවසුවේ සිය නිවස ආසන්නයේ පැවති මංගල උත්සවයක් අතරතුර අදාළ පුද්ගලයා මෙම අනතුරට ලක්වී ඇති බවය.

 

මංගල උත්සවයේ මල්වෙඩි දල්වමින් සිටින අතරතුර එක් මල්වෙඩිල්ලක් නොදැල්වීම හේතුවෙන් එය පරීක්ෂා කර යළි දැල්වීමට යාමේදී මල්වෙඩිල්ල පත්තු වී හිසේ වැදීමෙන් ඔහු අනතුරට ලක්වී තිබේ.

 

බරපතළ තුවාල සිදුවූ 31 හැවිරිදි එම පුද්ගලයා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

 

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 65ක ජයක්

Editor O

‘ලක්ෂ 220 ක් වන ජනතාවගේ සිහින කුඩුපට්ටම් වෙලා..’

Mohamed Dilsad

අගරදගුරු හිමිපාණන් සිදුකරන ඇතැම් ප්‍රකාශ ආගමික සංහිදියාවට හානිදායකයි – පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ

Editor O

Leave a Comment