දේශීය

චීන ජාතිකයා ගැන නීතිපති අධිකරණයට කළ දැනුම්දීම

පසුගියදා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් මහත් ආන්දෝලනයකට තුඩුදුන් චීන ජාතිකයා එරට විසින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලැබ සිටින පුද්ගලයකු බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

 

තමන්ව චීනයට පිටුවහල් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අදාළ චීන ජාතිකයා විසින් ගොනුකළ රිට් පෙත්සම අද (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම දැනුම් දීම සිදුකළේය.

 

මේ අතර අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවත් චීන ජාතිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුම් දුන්නේය.

Related posts

මාලිමා ආණ්ඩුවේ බිලියන 60ක කැබ් රථ ටෙන්ඩරය අන්ත දූෂිතයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක

Editor O

ජනපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් දවස පුරා ක්‍රියාත්මකයි

Mohamed Dilsad

බද්දේගම ප්‍රාදේශීය සභාව සතු ගොඩනැගිල්ලක්, බද්දට ගත් පාර්ශ්වය, අලුත්වැඩියා කර, ලක්ෂ 64ක ඇස්තමේන්තුවක් සභාවට එවලා – පූජ්‍ය අඳුරත්විල චන්ද්‍රජෝති හිමි

Editor O

Leave a Comment