දේශීය

මිහින්තලේ හිමියන්ට ලැබුණු ආධාරය

පොසොන් උත්සවයට මුදල් සොයාගැනීම සඳහා සිදුකළ පිණ්ඩපාත චාරිකාවේදී රුපියල් ලක්ෂ 50 ක මුදලක් මේ වනවිට ලැබී ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසයි.

 

ජාති ආගම් භේදයකින් තොරව විශාල පිරිසක් පොසොන් උත්සවය සඳහා දායක වීමට එක්වූ බව උන්වහන්සේ අද (29) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

 

“පාත්‍රය අරන් වඩිනකොට ලෝකේම ජනතාවගේ හදවත කම්පා වුණා. ඇඬුවා. සල්ලි මිල මුදල් ගෙනැල්ලා දුන්නා. 100 , 200 , 5000, 10000 සහ ලක්ෂය වගේ ගෙනැල්ලා දීලා තියෙනවා.”

 

“පූජා භූමිය ඉතිරෙන්න ජෙනරේටර් ගේන්න කතා කළා. ඒ අය බෞද්ධ මිනිස්සු නෙමේ. මවුලවිතුමන් හරහා කුරුක්කල්තුමන් හරහා කතෝලික පියතුමන් හරහා ආදිවාසීන් පවා මේකට දායකත්වය දක්වනවා. ආණ්ඩුවෙන් මම ඉල්ලීමක් කරනවා ඒ අයට බාධා කරන්න එපා. විවිධ ජාතින් විවිධ ආගමිකයන් සංස්කෘතිවලට අයත් අය මේ පාත්‍රයට මුදල් දෙනවා. ”

 

“මේ වෙනකොට රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලැබිලා තියෙනවා. රුපියල් ලක්ෂ 175 ක් ඇස්තමේන්තු කරලා තියෙනවා. ආලෝක පූජාවට හා පෙරහරට රුපියල් ලක්ෂ 225 ක් යනවා.ලැබෙන විදිහට උපරිමයෙන් මම පින්කම කරනවා. මේ පොසොන් උත්සවයත් රවටලා තියෙන්නේ. රුපියල් ලක්ෂ 30 අරගෙන මූල්‍ය කළමනාකරණය කරගන්න. ආණ්ඩුවෙන් තඹ දොයිතුවක් එපා. මේක රාජ්‍ය උත්සවයක් නෙවෙයි. සියලු ජාතින්ගේ පින්කමක්.”

 

“මගේ පිටිපස්සේ මේ දවස්වල බුද්ධි අංශ වැහිවැහැලා. මට වැසිකිළි කැසිකිළිවත් යන්න විදියක් නෑ. යූ ටියුබ් කාරයෝ ශාසනයට ගරහනවා. ඒ දිහාත් බුද්ධි අංශ විමසන්න ඈ”

Related posts

ජනපතිගෙන් ලෝක ගුරු දිනයට සුබ පැතුම් පණිවුඩයක්

Mohamed Dilsad

තවත් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගනී

Mohamed Dilsad

සම්මත වූ 20 නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment