දේශීය

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව හදිසි දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාසලකට විභාගය පැවැත්වෙන කාළසීමාව තුළදී බාහිර පාර්ශ්වයකට ඇතුළුවීම තහනම් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

තවද විභාගයට අදාළ ලියකියවිලි හැර වෙනත් කිසිදු පත්‍රිකාවක් සිසුන් අතර බෙදාහැරීම නොකළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දෙයි.

 

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඊයේ (29) ආරම්භ කෙරුණි.

 

එය ලබන මස 08 වනදා දක්වා පැවැත්වෙයි.

 

ඒ සඳහා අපේක්ෂකයින් 472,553 දෙනෙකු පෙනීසිටින අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී විභාගය පැවැත්වීමට කටයුතු සලසා තිබුණි.

 

 

 

Related posts

චීනයේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 93 ක් දිවයිනට

Mohamed Dilsad

විදුලි බිල වැඩි වෙනවද? – මෙන්න තීරණය

Mohamed Dilsad

නාමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment