දේශීය

නාඳුනන මළ සිරුරක්

පානදුර සාගර මාවතේ මෝය කට අසල දුම්රිය පාලම යට ගං ඉවුරේ තිබී නාඳුන මළ සිරුරක් හමුව ති‌බේ.

 

පොලීසිය පැවසුවේ, ඊයේ (30) උදෑසන කාලයේ එම මළ සිරුර හමුව ඇති බවය.

 

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර අවුරුදු 50ක පමණ පිරිමි පුද්ගයෙකි.

 

එම පුද්ගලයාගේ කොණ්ඩය නොමැති අතර මෘත ශරීරය හඳුනාගත නොහැකි තරමට ඉදිමී ඇති බව පොලීසිය පවසයි.

 

මළ සිරුරේ දෙපා දණ හිසෙන් පහළ කොටස නොමැති අතර කොන්දේ තුනටිය අසල තුවාල වී අති බව වාර්තා වෙයි.

 

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පානදුර දකුණු පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

ගෑස් මිල ඉහළ දැමීමට අවසර ඉල්ලයි.

Editor O

අක්ෂි රෝහලට පැමිණෙන රෝගීන් හට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

හෙරොයින් – අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment