දේශීය

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල ගණන් පහළට ?

ලෝක වෙළෙඳපොළේ සිමෙන්ති, යකඩ සහ ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල අඩු වී ඇති නිසා ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

මිල වැඩිවීමේ වේගයට සාපේක්ෂව මිල අඩුවීම සිදුවන්නේ ඉතා මන්දගාමී ආකාරයෙන් බව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියෝජිතයන් ඇතුළු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේය.

 

ඉදිරි කාලය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහත යන ආකාරය නිරීක්ෂණය කරමින් මසකින් රැස්වී අදාළ මිල ගණන් පහත දමන ප්‍රතිශතය නිශ්චිත දැනුම් දීමට කටයුතු කරන බවඳ රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

 

“මහ බැංකුව මම දැක්කා කියනවා රුපියල මාස කිහිපයක් තුළ 20%කින් විතර ශක්තිමත් වෙලා තියෙනවා කියනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා අපිට නියම කළා රුපියලේ අගය ශක්තිමත් වීමට සාපේක්ෂව ඉදිරිකිරීම් ක්ෂේත්‍රයට ගන්න ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන නිසා දැනට මේ ද්‍රව්‍යවල මිල අඩුවීම සාධාරණ ද කියන එක ගැන බලන්න. මොකද අපි සාමාන්‍යයෙන් දන්නවා මිල වැඩිවීමකට සාපේක්ෂව ඩොලරය වැඩිවීමට සාපේක්ෂව ද්‍රව්‍යවල මිල වැඩිවීමේ වේගයෙන් අඩුවීම සිද්ධවෙන්නේ නෑ. ඒ නිසා නීතියානුකූල මඟපෙන්වීමක් කරන්න වෙනවා ආර්ථිකය යථා තත්ත්වයට ගන්න. ඒක තමා මේ කරන්නේ.”

Related posts

ප්ලාස්ටික් නිෂ්පාදනවල කේතය සටහන් කිරීම අනිවාර්යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන තානාපති මේජර් ජෙනරාල් මොහොමඩ් සාද් ඛට්ටක් – නව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් අතර හමුවක්

Mohamed Dilsad

සාමයේ ආර්ථික ප්‍රතිලාභ රට පුරා විහිදී යන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා – සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment