දේශීය

ඉන්ධන හිඟයක් නැහැ – ඇමති කියයි

ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

 

ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී සමාගම සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 

ඇතැම් ප්‍රදේශවල යම් ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇත්තේ මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින් ඇතැම් ඉන්ධනහල් හිමියන් ඉන්ධන ඇණවුම් නොකිරීම හේතුවෙන් බවද කංචන විජේසේකර අමාත්‍යවරයා සදහන් කරයි.

 

අලෙවි නියෝජිතයින් විසින් සියයට 50ක අවම ඉන්ධන තොගයක් සෑමවිටම පවත්වාගෙන යායුතු වන අතර ඒ ආකාරයෙන් කටයුතු නොකරන ඉන්ධනහල් සමාලෝචනය කර ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවන ලෙස ඛනිජ තෙල් සංස්ථාව වෙත තමා දැනුම් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

Related posts

තවත් මාරක රිය අනතුරක්

Mohamed Dilsad

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග

Mohamed Dilsad

සැකකටයුතු මරණයක්

Mohamed Dilsad

Leave a Comment