රුපියල් ලක්ෂ 300කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.
පොලීසිය සඳහන් කළේ මත්ද්‍රව්‍ය තොගය කල්පිටියේදී සොයාගත් අතර සැකකරුවන් 07 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවය.
සිද්ධියට සම්බන්ධ මහමොළකරු ලෙසට දැනට හඳුනාගෙන සිටින පුද්ගලයා මන්නාරමේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අතර ඉන්දියාවේ තමිල්නාඩු පදිංචිය සහිත 38 හැවිරිදි සැකකරුවෙකු ද වෙයි.