ක්‍රීඩා

මතීෂ ව මඟහැරුණු හැටි කියයි

තරග 3කින් සමන්විත ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී හෙට (02) ආරම්භ වෙයි.

 

හෙට තරගයේදී මතීෂ පතිරණට එක්දින වරම් හිමිවීමට නියමිතය.

 

තරග තුනම දිවා තරග ලෙස සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

 

ඒ අනුව පළමු එක්දින තරගය හෙට පෙරවරු 10ට ආරම්භවීමට නියමිතය.

 

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සිය අවසන් පුහුණු සැසියට එක් වූ අතර ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන ද එක්වී සිටියේය.

 

හෙට තරගයේදී මතීෂ පතිරණට එක්දින වරම් හිමිවීමට නියමිත අතර ආබාධයකට ලක්වී සිටින වනිඳු වෙනුවට දුෂාන් හේමන්ත ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

 

මේ අතර හෙට තරගය ගැන අදහස් දැක්වූ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කළේ,

 

“මේ තරගාවලියේදී පන්දුයවන්නන් තුන් දෙනෙක් වගේ යොදාගන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

 

මතීෂ අවුරුදු 17න් පහළ කණ්ඩායමේ සිට ශ්‍රී ලංකාව නියෝජනය කරලා තිබෙනවා. මතීෂ දිගටම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටියා. නවසීලන්ත විස්සයි 20 තරගාවලියට යද්දිත් ඔහු අපිත් සමග ගියා. ඔහුට කොවිඩ් හැදුණු නිසා තමයි T20 සෙල්ලම් කරන්න බැරුව ගියේ. මතීෂ ව හඳුනාගත්තේ කලින් ඉඳලමයි. ඔහුව හෙට ආරම්භවන තරගාවලියෙදිත් අනිවාර්යයෙන්ම යොදාගන්න බලාපොරොත්තු වෙනවා.”

Related posts

ශ්‍රී ලංකා – කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරඟය අද

Mohamed Dilsad

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග ආරම්භක වේලාව සංශෝදනය කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා 20- 20 පිළ පෙරමුණට

Mohamed Dilsad

Leave a Comment