දේශීය

අද ප්‍රදේශ කිහිපයකට තද වැසි‍‍

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවය.

 

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

 

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සුව අතට

Mohamed Dilsad

විදේශයන්හි සිට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට නිවේදනයක්

Mohamed Dilsad

කොවැක්සීන් එන්නතට WHO අනුමැතිය තවමත් නැහැ

Mohamed Dilsad

Leave a Comment