දේශීය

දිස්ත්‍රික්ක 4කට නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින වර්ෂාපතන කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික් 04කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

 

ඒ අනුව මාතර, රත්නපුර, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේය.

 

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර, විශේෂයෙන් කළුබෝවිටියාන ප්‍රදේශවල ජනතාවට අවදානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.

 

මේ අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ හා නෙළුව ප්‍රදේශවල ජනතාවටත් කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර, මතුගම, අගලවත්ත හා බුලත්සිංහල යන ප්‍රදේශවල ජනතාවටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

 

 

Related posts

නිරෝධායනය අවසන් කර තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

කිරිගවයෙක් හොරකම් කළොත් දඩය රු ලක්ෂ 10යි

Mohamed Dilsad

පොහොර වැඩි මිලට අලෙවිකරන්නන්ට දැඩි නීතිමය පියවර

Mohamed Dilsad

Leave a Comment