දේශීය

ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත්

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත්කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24ක කාලය සඳහා ද දීර්ඝ කර තිබේ.

 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වය ඉදිරියටත් පැවැතිය හැකි බවය.

 

මේ හේතුවෙන් කුඩා ගඟ අවට පහත්බිම් හරහා ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

මෙම තත්ත්වට සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා රථ වාහන ධාවනය කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Related posts

ඇමති කංචන ට PUCSL සභාපතිගෙන් පිළිතුරු

Mohamed Dilsad

චාල්ස්ගේ ඉල්ලා අස්වීම ජනපති බාරගනී

Mohamed Dilsad

බැසිල්ගේ නම මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

Leave a Comment