දේශීය

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 75ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකි බවය.

 

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

 

ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

උතුරු සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

රාජ්‍ය සේවයේ දින 180 සම්පූර්ණ කල සේවකයින්ට ස්ථිර පත්වීම්

Mohamed Dilsad

රාජ්‍ය ආයතන 04ක් කෝප් කමිටුවට

Mohamed Dilsad

රටේ දරුවන් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගන්වන වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා – විපක්ෂ නායක

Editor O

Leave a Comment