දේශීය

සා පෙළ විභාග වංචා තුනක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්ථා වූ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ විභාග අපේක්ෂිකාවක් තම ජංගම දුරකථනය යොදා ගනිමින් ගුරුවරයකු වෙත ගණිතය ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් මාර්ගයෙන් යොමු කර පිළිතුරු ලබාගෙන ඇති බවය.

 

එමෙන්ම හේනේගම මහා විද්‍යාලය හා සීදුව ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයේදී අකටයුතුකම් වාර්තා වී තිබේ.

 

අපේක්ෂකයන් දෙදෙනෙකු ජංගම දුරකථන භාවිතයෙන් ගණිතය ප්‍රශ්න පත්‍රය වෙන් වෙන් වශයෙන් ගුරුවරුත් වෙත යොමුකර පිළිතුරු ලබාගැනීමට යාමේදී නිරීක්ෂකවරයා විසින් සිද්ධිය අනාවරණය කරගෙන තිබේ.

 

එම සිදුවීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා පැවසුවේය.

Related posts

උසස් පොලිස් නිලධාරින්ට ස්ථාන මාරු

Mohamed Dilsad

දුරගමන් සේවා බස් සති අන්තයේදි සාමන්‍ය පරිදි ධාවනයට

Mohamed Dilsad

රනිල්ගේ ආර්ථික වැඩ පිළිවෙළ කඩාකප්පල් කළොත් ශ්‍රී ලංකාව යටත් විජිතයක් වේවි – වජිර අබේවර්ධන

Editor O

Leave a Comment