දේශීය

මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක්

විදෙස්ගතව සිට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මංකිපොක්ස් වැලඳී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

 

මවට සහ දියණියට එලෙස මංකිපොක්ස් වැලඳී ඇති අතර, ඔවුන් මේ වනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

 

පියාට ද විදෙස් රටක දී මංකිපොක්ස් වැලඳී සුවය ලබා මෙරටට පැමිණ ඇතැයි අනාවරණය වී තිබේ.

 

මව සහ දියණිය ඩුබායි සිට පැමිණ කටුනායක ගුවන්තොටුපළින් මෙරටට ඇතුළු වීමේදී සිදුකළ පරීක්ෂාවේ දී ඔවුන් ආසාදිතයින් බවට තහවුරු වී ඇත.

Related posts

රටවල් කිහිපයක සිටින ශ්‍රී ලාංකිකයින් අද දිවයිනට

Mohamed Dilsad

හෙරොයින් විශාල ප්‍රමාණයක් සමග විදේශිකයන් 07 ක් නාවික භාරයට

Mohamed Dilsad

නියෝජ්‍ය ඇමති නාමල් සහ, මන්ත්‍රී ටීබී සරත් ⁣ගුටි නොකා නූලෙන් බේරෙයි.

Editor O

Leave a Comment