දේශීය

අනුරගේ විරෝධතාවයට අධිකරණයෙන් තහනමක්

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය අද (08) පැවැත්වීමට නියමිත විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

 

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07) එම නියෝගය නිකුත් කර ඇත.

 

වැලිකඩ පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව එම තහනම් නියෝග ආඥාව නිකුත් කර තිබේ.

 

ඒ අනුව විරෝධතාකරුවන්ට ශ්‍රී ජයවර්ධනපුර පාර, කොටා පාර, සරණ පාර ඔස්සේ මැතිවරණ ලේකම් කාර්යාලය දෙසට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණය නියෝග නිකුත් කර ඇත.

Related posts

තෙල් ටැංකි 99ක් අපට වැඩියි. ටැංකි 61ක් යොදාගෙන, ඉන්දීය සමාගමක් සමග සාකච්ඡා කරලා තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සැලසුම් කරනවා.

Editor O

කොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්

Mohamed Dilsad

අජිත් ප්‍රසන්න ඇප මත මුදා හරී

Mohamed Dilsad

Leave a Comment