දේශීය

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන තීරණ කිහිපයක්

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තාවකාලික බලපත්‍ර ලබාදී ඇති සහ එම බලපත්‍ර කාලය ඉක්මවා ඇති ව්‍යපෘති බලපත්‍ර අහෝසි කිරීමට උපදෙස් ලබාදී තිබේ.

 

ඒ, 2023-2026 සහ 2026-2030 වර්ෂ සඳහා වන පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමේ සැලසුම පිළිබඳ ඊයේ (07) පැවැති සමාලෝචන රැස්වීමේදීය.

 

තවද ටෙන්ඩර් කර ඇති නමුත් තවම සාධනීය කාර්යයන් සිදුකර නොමැති සැපයුම්කරුවන්ගේ අවසරයන් අවලංගු කරන ලෙසද විදුලිබල මණ්ඩලයට සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියට උපදෙස් ලබාදී ඇත.

 

එමෙන්ම සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ගේ දීමනා කඩිනමින් ගෙවා නිමකරන සැලසුම, නව විදුලිය මිලදී ගැනීමේ මිල සූත්‍රය, ඉදිරි මාස 18 තුළ විදුලිබල උත්පාදන සැලසුම මෙන්ම තාවකාලික බලපත්‍ර ලබාදී ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචන කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

Related posts

උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තුවේ

Mohamed Dilsad

මුස්ලිම් කොංග්‍රසයේ තනතුරුවලින් තවුෆීක්’ව ඉවත් කරයි

Mohamed Dilsad

හිනිදුම පොලිසියේ නිලධාරීන් 16ක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment