දේශීය

පොලීසියේදී පිහි ඇනුමක්

පවුල් අරවුලක් සම්බන්ධ පැමිණිල්ලක් පොලීසිය තුළ විභාග කරමින් තිබියදී පැමිණිලිකරු කෝපවී වගඋත්තරකරුවෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇත.

 

බකමූණ පොලිස් ස්ථානයේදී මෙම සිදුවීම සිදුවී ඇත.

 

එහිදී වගඋත්තරකරුවා සහ පොලිස් කොස්තාපල්වරියක් ද තුවල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

 

පහරදීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

සිය බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමග පැනගොස් ඇතැයි කියමින් බකමූණ පදිංචිකරුවෙකු කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණිලිකරු සහ විත්තිකරුවන් දෙදෙනෙකු පොලීසියට කඳවා තිබූ අවස්ථාවේදී මෙම සිදුවීම වාර්තාවී තිබේ.

 

එහිදී කාන්තා හා ළමා කාර්යංශයේ වැඩබලන ස්ථානාධිපති පැමිණිල්ල විභාග කරමින් සිටියදී පැමිණිලිකරු එකවරම ඔහු සඟවාගෙනවිත් තිබූ තියුණු ආයුධයෙන් පහරදීම සිදුකර ඇත.

Related posts

රුපියල් 35කට ආනයනික බිත්තර සතොසෙන්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 900 ඉක්මවයි

Mohamed Dilsad

සුවය ලැබූ නාවික හමුදා පුද්ගලයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment