විදෙස්

ට්‍රම්ප් ට යළිත් අධි චෝදනා

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යළි අධි චෝදනා ගොනුකර තිබේ.

 

ජනාධිපතිවරයාට අයත් රහසිගත ලිපිගොනු වැරදි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ලවී ඇති බව වාර්තා වෙයි.

 

ඒ අනුව ලබන අඟහරුවාදා මියාමි ෆෙඩරල් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දැනුම් දී තිබේ.

 

පසුගිය අප්‍රේල් මාසයේදී ද ඔහුට එරෙහිව අධිචෝදනා යටතේ විමර්ශනයක් ආරම්භ කළ අතර අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු සම්බන්ධයෙන් එවැනි විමර්ශනයක් ආරම්භ කළ පළමු අවස්ථාව එය බවට වාර්තා වුණි.

 

ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට අපේක්ෂා කරන අතර නව චෝදනා සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපතිවරයෙකුට මෙවැනි තත්ත්වයක් ඇති වේ යැයි තමා කිසිසේත් නොසිතූ බවය යන්නය.

 

මෙය තමා ජනාධිපතිවරණයෙන් ඉවත් කිරීම සඳහා සිදුකරන යුද්ධයක් බව සමාජ මාධ්‍ය වෙත පණිවුඩයක් නිකුත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.

Related posts

රුමේනියාවේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක හටගත් ගින්නකින් 10 ක් මරුට

Mohamed Dilsad

චීනයේ රසායනික කම්හලක පිපිරීමක් -19ක් මරුට

Mohamed Dilsad

ප්‍රංශයේ දේව මෙහෙයන් යළි ආරම්භ කෙරේ

Mohamed Dilsad

Leave a Comment