දේශීය

දොස්තරගේ ඝාතකයා ට මරණ දඬුවම

විශේෂඥ වෛද්‍යවරයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට අධිකරණය මගින් මරණ දඬුවම නියම කෙරුණි.

 

වසර 14කට පෙර වවුනියාව මහ රෝහලේ සේවය කළ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙකුට පිස්තෝලයකින් වෙඩිතබා මෙම ඝාතනය සිදුකර තිබුණි.

 

එම අපරාධය සම්බන්ධයෙන් වරදකරුවූ එවකට ප්ලොට් සංවිධානයේ (දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය) වවුනියාව ප්‍රාදේශීය නායකයෙකු වූ නැදුමාරන් නමැත්තාට වවුනියාව මහධිකරණ විනිසුරු මාණික්කවාසගර් ඉලංචේලියන් මහතා විසින් ඊයේ (08) මරණ දඬුවම නියම කළේය.

 

වෛද්‍යවරයාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් වවුනියාව මහධිකරණයේ අධිචෝදනා ලබා සිටි විත්තිකාරු සියලු චෝදනාවන්ට වරදකරු බවට නිගමනය කරමින් මරණ දඬුවම නියම කෙරුණි.

 

එලෙස මරණ දඬුවම නියමවූයේ වවුනියාවේ පදිංචි සිවනාදන් ප්‍රේමනාත් නොහොත් නැදුමාරන් නමැති ප්ලොට් සංවිධානයේ හිටපු ප්‍රාදේශීය නායකයකුටය.

 

2009 අප්‍රේල් 20 වනදා එවකට වවුනියාව මහ රෝහලේ සේවය කළ ප්‍රසව හා නාරි විශේෂඥ ඒ. මීරාමොහිදීන් වෛද්‍යවරයා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ සිට මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී වෙඩිතබා ඝාතනය කොට තිබුණි.

 

ඝාතනය සම්බන්ධයෙන් වවුනියාව පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් නැදුමාරන් නමැත්තා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබුණි.

Related posts

ඩිලාන් පෙරේරාට කොවිඩ්

Mohamed Dilsad

සත්ත්ව ආහාරත් වංචා කරලා – පරීක්ෂණ CCDයට

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන තවත් වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment