ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහභාගීවීමට අද (10) අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් සිම්බාබ්වේ බලා පිටත්ව ගොස් තිබේ.

 

“අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි වෙත ගොස් වෙනත් ගුවන්යානයකින් සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතය බවය.

 

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන්ම නෙදර්ලන්තය සහ අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම් සමග පෙර පුහුණුවීමේ තරග දෙකකට සහභාගී වීමට නියමිතව ඇත.

 

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය, අයර්ලන්තය, ස්කොට්ලන්තය යන රටවල ක්‍රිකට් කණ්ඩායම් සමග සිම්බාබ්වේ රාජ්‍යයේ බුලවායෝ සහ හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණවල සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගීවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකාවට ලකුණු 374 ක ඉලක්කයක්

Mohamed Dilsad

නායක විලියම්සන්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

Mohamed Dilsad

අභියෝගාත්මක පන්දු යවන ලංකාවේ නැගී එන ක්‍රිකට් තරුව: අනාගත මාලිංග-ස්ලිංගා මොහුද ?

Mohamed Dilsad

Leave a Comment