විදෙස්

ජපානයේ මගී ගුවන් යානා දෙකක් ගැටෙයි

ජපානයේ ගුවන් තොටුපොළකදී මගී ගුවන් යානා 2ක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

 

මෙම ගුවන් යානා අනතුර සිදුව ඇත්තේ ජපානයේ Haneda ගුවන් තොටුපොළේදීය.

 

ගුවන් යානා අනතුර හේතුවෙන් කිසිදු මගියෙකුට හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ Thai Airways සහ EVA Air ගුවන් සමාගම්වලට අයත් යානා දෙකක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවය.

 

එසේම මෙම අනතුර හේතුවෙන් එම ගුවන්තොටුපොළ හරහා සිදුකෙරෙන ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බවට බලධාරීන් ගුවන් මගීන් වෙත දැනුම්දී තිබේ.

Related posts

වසර දෙකකට පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර ඉහළ පෙළේ ද්වි පාර්ශවික සමුළුවක්

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා මරණ 50,000 අභිබවා යයි

Mohamed Dilsad

හිටපු කථානායක සෙට්යා නොවන්තෝට වසර 15 ක සිරදඬුවම්

Mohamed Dilsad

Leave a Comment