ක්‍රීඩා

යසිත ද සිල්වා සහ හීරා ආෂික් ටෙනිස් කේවල අවසන් මහා තරගයට

(උදයම්,කොළඹ)  – SSC ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන SSC විවෘත ටෙනිස් තරගාවලිය මේ දින වල SSC ක්‍රීඩා සමාජ ටෙනිස් පිටියේ දී පැවැත්වෙන අතර එහි පිරිමි කේවල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට යසිත ද සිල්වා සහ හීරා ආෂික් ඊයේ (17) සමත් විය.

අවසන් පූර්ව වටයේ දී ප්‍රබල තරගයකින් පසු වට 2- 1ක් ලෙස සංඛ අතුකෝරල පරාජය කළ හීරා ආෂික් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත් අතර මුෆාසල් හුසේන් වට 2 – 0ක් ලෙස පහසුවෙන් පරාජය කරමින් යසිත ද සිල්වා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

මෙම විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක දී ජාතික ශූර ශාමල් දිසානායක වට 2 -0ක් ලෙස පරාජය කරමින් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට යසිත ද සිල්වා සමත් විය.

රුක්ෂිකා විජේසූරිය සහ රොෂෙන්කා ප්‍රනාන්දු SSC විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. අවසන් පූර්ව වටයේ දී සෙනුරි ඇලෙක්සැන්ඩර් වට 2 – 0ක් ලෙස පරාජය කරමින් රුක්ෂිකා විජේසූරිය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර නිම්නා ප්‍රනාන්දු වට 2-0ක් ලෙස පරාජය කරමින් රොෂෙන්කා ප්‍රනාන්දු අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තාය.

කාන්තා හා පිරිමි කේවල අවසන් මහා තරගය මේ මස 20 වැනිදා පැවැත්වෙන අතර පිරිමි අවසන් මහා තරගය යසිත ද සිල්වා හා හීරා ආශික් අතර පැවැත්වේ.  රුක්ෂිකා විජේසූරිය සහ රොෂෙන්කා ප්‍රනාන්දු අතර කාන්තා අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ කාන්තා යුගල සහ මිශ්‍ර යුගල අවසන් මහා තරගත්, පිරිමි යුගල අවසන් පූර්ව තරගත් අද (18) පැවැත්වීමට නියමිතයි.

කාන්තා යුගල අවසන් තරගයේ දී රුක්ෂිකා විජේසූරිය සහ රොෂෙන්කා ප්‍රනාන්දු යන දෙදෙනා සමඟ නිම්නා ප්‍රනාන්දු සහ ජනාලි මනම්පේරි තරග වදින අතර යසිත ද සිල්වා හිටපු ජාතික ශූරියක වන අම්රිකා මුත්තයියා සමඟ එක්ව මිශ්‍ර යුගල අවසන් මහා තරගයේ දී සංඛ අතුකෝරලට සහ සෙනුරි ඇලෙක්සැන්ඩර් එරෙහිව තරග වැදීමට නියමිත වේ.

පිරිමි යුගල ඉසව්වේ පළමු අවසන් පූර්ව තරගයේ දී සංඛ අතුකෝරල සහ යසිත ද සිල්වා, දිනේෂ්කාන්තන් තංගරාජාට ‍එරෙහිව තරග වදින අතර ප්‍රසන්න අතාවුද සහ සුරේන් බාලචන්ද්‍රන් දෙවැනි අවසන් පූර්ව තරගයේ දී රුක්මාල් කුරේට සහ එන්. එස්. නිෂේන්ද්‍රන්ට එරෙහිව තරග වැදීමට නියමිතයි.

Related posts

සුරංග ලක්මාල් පාකිස්තානු සංචාරයෙන් ඉවතට

Mohamed Dilsad

ආසියාතික පිහිණුම් වාර්තාවක් තබමින් රොෂාන් අබේසුන්දර තලෙයිමන්නාරමට

Mohamed Dilsad

සනත් ජයසූරියගේ තනතුරට වසරක සේවා දිගුවක්

Editor O

Leave a Comment