දේශීය

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය.

 

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

ශ්‍රි ලංකාවේ පළමු රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

Editor O

අවධානම් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය යළිත් දීර්ඝ කරයි [RELEASE]

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment