දේශීය

රියදුරු බලපත්‍ර ගැන තීරණයක් ගනී

රියදුරු බලපත්‍ර කාඩ් ලක්‍ෂ 8ක පමණ ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් මුද්‍රණය කිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

 

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේ, දෙපාර්තමේන්තුව සතුව ඇති මුද්‍රණ යන්ත්‍රවල ධාරිතාව ප්‍රමාණවත් නොවීම නිසා එම රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මාස ගණනක් ප්‍රමාද වී ඇති බවය.

 

නව යන්ත්‍ර මිලදී ගැනීමට රුපියල් කෝටි 20ක් පමණ මුදලක් දැරීමට නොහැකි වීම නිසා එම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.

 

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය භාරව සිටින සමාගමෙන් කාඩ් පත් මුද්‍රණ යන්ත්‍ර ලබාගෙන කාඩ් පතක් සඳහා රුපියල් 150ක පමණ මුදලක් ගෙවීමේ එකඟතාව මත එම ව්‍යාපෘතිය ක්‍රියාතක්මක වන බව සඳහන්ය.

 

 

Related posts

අදත් ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

වනජීවී සංචාරක නිවාස සහ කඳවුරුබිම් වැසේ [RELEASE]

Mohamed Dilsad

සිනමා ශාලා හිමියන්ට සහ සිනමා ශිල්පීන්ට සහන රැසක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment