දේශීය

ශිෂ්‍යත්වය පැවැත්වෙන දිනය මෙන්න

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

 

ඒ අනුව ජූනි මස 15 වන දින සිට ජුලි 06 දක්වා අයදුම් පත්‍ර කැඳවීම සිදුකෙරේ.

 

ජූලි මස 6 වනදා මධ්‍යම රාත්‍රී 12 න් පසු මාර්ගගත ප්‍රවේශය වසා තබන බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 

කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදුනොකරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

 

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබු පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත.

 

ශිෂ්‍යාධාර පිරිනමනු ලබන්නේ 2024 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 11ට අඩු අවුරුදු 10 හෝ 10ට වැඩි අඩු ආදායම් සහිත සිසුන්ට පමණක් බව ද ඒ මහතා නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

 

අයදුම්පත් එවිය යුත්තේ මාර්ගගත ආකාරයෙන් වන අතර, අයදුම් කිරීමේ උපදෙස් පත්‍රය හා ව්‍යවස්ථාව https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

 

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් පිළිබඳ ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් විස්තරාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන්ය.

 

වැඩිදුර විස්තර

 

දුරකථන අංක 0112 784 537 / 0112 786 616 / 0112 784 208

ක්ෂණික ඇමතුම් – 1911

ෆැක්ස් අංකය – 0112 784 422

Related posts

ඇමතිකමක් ගත් ශාන්ත බණ්ඩාරට එරෙහිව විනය පියවර

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කල 790 ක් සහ වාහන 154 ක් පොලිස් භාරයට

Mohamed Dilsad

සේපාල් අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment