දේශීය

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මේ අතර ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

 

එසේම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් වට පැයට කිලෝමීටර් 40ත්45ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එසේම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Related posts

පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය ධාවනය නොකිරීමේ තීරණයක්…?

Editor O

අවුරුද්දකට ඇප ගන්න බැරි වෙන්න තමන්ව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ගැන උදය ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

Editor O

පොලිස් සැරයන්වරයෙකු ඇතුලු අටදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment