දේශීය

ජාතික රෝහලේ තවත් පරීක්ෂණ අංශයක් ඇණහිටී ?

ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවවේදී අංශය මාස දෙකක කාලයක සිට අක්‍රීයව පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

 

එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් මසකට රුපියල් ලක්ෂ 300ක පමණ පරීක්ෂණ පෞද්ගලික රසායනාගාර වෙත යොමුකරන බවය.

 

මුත්‍රා පරික්ෂණ, සෙම පිළිබඳව ක්ෂුද්‍රජීවවේදී පරීක්ෂණ, ප්‍රතිජීවක ඖෂධ සංවේදීතාවය පිළිබඳ පරීක්ෂණ ඇතුළු පරික්ෂණ රැසක් මේ වන විට නතර වී ඇති බව රවි කුමුදේෂ් මහතා ප්‍රකාශ කළේය.

 

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් “අද දෙරණ” ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් විමසීමක් කළේය.

 

අදාළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය.

Related posts

දිස්ත්‍රික්ක 6 කට නාය යෑමේ අවධානනම් නිවේදන නිකුත් කෙරේ

Mohamed Dilsad

ඇමති-මන්ත්‍රී සඳහා ලබාදෙන ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමේ තීරණයක

Editor O

දකුණේ වැඩිහිටි නිවාස සදහා වියළි ආහාර සති දෙකකට ගබඩා කරගන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment