දේශීය

පියා සමග සෙල්ලම් කරමින් සිටි පුංචි දියණිය මුහුණදුන් අවාසනාවන්ත ඉරණම

මාතර නෙටොල්පිටිය රන්මාළු ගම ගම්මානයේ අඩක් සාදා තිබූ නිවසක සිමෙන්ති කණුවක් ගැලවී වැටීමෙන් වයස අවුරුදු නවයක දැරියක් මියගොස් තිබේ.

 

“අද දෙරණ” වාර්තාකරු පැවසුවේ ඇයගේ පියාද තුවාල ලබා රෝහල්ගත කර ඇති බවය.

 

අඩක් සාදා තිබූ නිවසේ උඩුමහලේ සිමෙන්ති කණු දෙකක් අතර පියා සහ දියණිය එල්ලෙන ලණු ඇඳක් සකසමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

 

අනතුරට හේතුව සිමෙන්ති කණුව උඩ තට්ටුවේ කොන්ක්‍රීට් තට්ටුවට නිසි අයුරින් කම්බි නොයෙදා ඇණ හතරකින් පමණක් සවිකර තිබී ඇති අතර මේ නිසා කණුව ගැලවී ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇති බව වාර්තා විය.

 

 

Related posts

කිලෝ 20ක හෙරොයින් තොගයක් අල්ලයි

Mohamed Dilsad

උතුරු – උතුරු මැද විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට

Mohamed Dilsad

ඓතිහාසික ශි‍්‍ර දළදා මාලිගයේ පෙරහැර මංගළ්‍ය අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment