දේශීය

ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරුමැද පළාතේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

 

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇති වේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

කෝටි ගණනක් වංචා කළ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

“කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගත් අයගෙන් මිය ගියේ 23ක් විතරයි”

Mohamed Dilsad

අනුන් කරපු දෙයකට මට වන්දි ගෙවන්න වෙලා – මෛත්‍

Mohamed Dilsad

Leave a Comment