දේශීය

නිවසේ තනිව සිටි කාන්තාව අභිරහස් ලෙස මරුට

කැලණිය, ගෝනවල ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ තිබී අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් හමුවී ඇතිබව පොලීසිය පවසයි.

 

එම නිවස තුළින් අධික දුගඳක් හමන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ සොයාබැලීමකදී එම සිරුර හමුවී තිබුණි.

 

ඇය දින කිහිපයකට පෙර මිය ගොස් ඇතැයි අනුමාන කෙරේ.

 

42 හැවිරිදි එම කාන්තාව නිවසේ තනිව ජීවත් වී ඇති බව පොලිස් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

 

කැලණිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

අද සිට ගුවන්තොටුපොළ විවෘත වෙයි

Mohamed Dilsad

බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව ජූලි 7 සිට 16 දක්වා බම්බලපිටියේදී

Editor O

මාලිමා මන්ත්‍රීනියගේ විදුහල්පති සැමියාගේ වැඩ තහනම්

Editor O

Leave a Comment