දේශීය

කතරගමට විශේෂ පොලිස් ආරක්ෂාවක්

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර තෙවන දිනටත් අද (21) වීථි සංචාරය කිරීමට නියමිත බව බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි.

 

පෙරහැර පසුගිය 19 වනදා ආරම්භ වූ බව බස්නායක නිළමේවරයා පැවසුවේය.

 

එය ජූලි මස 04 වනදා දක්වා පැවැත් වීමට නියමිතය.

 

මේ අතර කතරගම පෙරහැරට සමඟාමීව විදෙස් බැතිමතුන් විශාල ප්‍රමාණයක් කතරගම, කිරින්ද සහ තංගල්ල ප්‍රදේශවලට පැමිණෙමින් සිටින බව පොලීසිය පවසයි.

 

විදේශිකයින් ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවලක් ක්‍රියාත්මක කර ඇති අතර මුහුදු තීරයේ සහ දියනෑම් සිදුකරන ස්ථාන සඳහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 40කට අධික පිරිසක් යොදවා ඇති බව පොලීසිය නිවේදනය කරයි.

 

වැඩි වශයෙන් භාවිතා කරන වැව් හා ජලාශ ආශ්‍රිතව විශේෂ බෝට්ටු සේවාවක් යොදා ජලාශ ආශිත මුර සංචාර රාජකාරී ප්‍රමාණයද වැඩිකර ඇති බව සඳහන්ය.

 

පුජා නගරයට පැමිණෙන බැතිමතුන්ගේ සහ ඔවුන්ගේ වාහන හා දේපළවල ආරක්ෂාව තහවුරු කිරිම සඳහාඳ ආරක්ෂක වැඩපිළිවලක් මෙන්ම පොලිස් නිලධාරීවන් විශේෂ රාජකාරීවල යොදවා තිබේ.

Related posts

ජගත් මානව හිමිකම් සැසිය අදින් ඇරඹේ

Mohamed Dilsad

සෙවනගල දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් 5ක් රිමාන්ඩ්

Mohamed Dilsad

පොලිස් බුද්ධි අංශයේ නිලධාරියෙකු ලෙස අඟවමින් මුදල් වංචා කළඅයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment