දේශීය

විමල් අධිකරණයට එයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (21) අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

 

විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා පසුගිය 19 වනදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

 

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ යැයි ඔහු චෝදනා ලබා සිටී.

Related posts

අනවසරයෙන් රැගෙන ආ කහ කිලෝ 1000 ක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

පාර්ලිමේන්තු වටරවුමේ උණුසුම් තත්ත්වයක්

Editor O

විදේශගතව රැකියා කරන අයගේ දරුවන්ට පාසල් උපකරණ

Editor O

Leave a Comment