දේශීය

පාකිස්තානයෙන් මෙරටට ආ හෙරොයින් තොගය

පාකිස්තානයේ කරච්චි නුවර සිට ලංකාවට පැමිණි බහාලුමක් තුළ තිබී හෙරොයින් තොගයක් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගු වරාය පාලන අංශය සමත්ව තිබේ.

 

අදාළ බහාලුම පරීක්ෂා කිරීමේ දී සීත කරන කුටීරවල තිබී හෙරොයින් කිලෝ 16යි ග්‍රෑම් 193ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

 

එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් 647,720,000ක් පමණ වන බවට තක්සේරු කර තිබේ.

 

මේ පිළිබඳ විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන අංශය විසින් සිදුකරනු ලැබු අතර ඒ සඳහා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ ද සහාය හිමිව ඇත.

 

විමර්ශනවලින් අනතුරුව මත්ද්‍රව්‍ය සහ අදාළ සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය පාලන අංශයට භාරදීමට නියමිතය.

Related posts

පී.සී.ආර් පරික්ෂණය ස්ථාන 12 කින් සිදු කෙරේ

Mohamed Dilsad

ස්කොට්ලන්තයෙන් කොවිඩ් -19 ආසාදිත පළමු රෝගියා හමුවෙයි

Mohamed Dilsad

විජේවීර ඝාතනය ට තමා සම්බන්ධ බවට ප්‍රකාශ නිකුත් නොකරන ලෙස අශෝක තෝරදෙනිය ඉල්ලු වාරණ නියෝගය විසිවෙයි !

Editor O

Leave a Comment