දේශීය

කටුනායක සිද්ධිය ගැන ඇමතිගෙන් බරපතළ හෙළිදරව්වක්

දකුණු කොරියාවට ශ්‍රමිකයින් පිටත්කර යැවීමේදී ශ්‍රීලන්කන් මගින් සේවාව ලබා ගැනීමට අකමැතිනම්, ඒ සඳහා කොරියානු ගුවන් සේවයට අවස්ථාව ලබා දෙන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

 

ඉකුත් 20 වනදා දකුණු කොරියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 470 යානයේ සිදුවූ ප්‍රමාදය සම්බන්ධයෙන් අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

 

” එදා කොරියාව බලා ගමන් කිරීමට නියමිතව තිබුණු ගුවන් යානයේ ප්‍රධාන පයිලට් ඇතුළුව තව ෆස්ට් ඔෆිසර් කෙනෙක් හිටියා. එතුමා දවල් 13.40 ට වෛද්‍ය සහතිකයක් එවලා කියලා තියෙනවා මට ෆ්ලයි කරන්න බෑ අද කියලා. ජාත්‍යන්තර නීතිරීති අනුව ප්‍රධාන පයිලට් ට පමණක් මේ ගුවන් යානය ගෙනියන්න බෑ. ෆස්ට් ඔෆිසර් කෙනෙක් ඉන්ඩ ඕනේ. තව ෆස්ට් ඔෆිසර්ස් ලා හිටියා 20 දෙනෙක් ඒ අයට ඕෆ් ඩේ එක. ඒ අයගෙන් ඉල්ලා හිටියා කරුණාකරලා මේ ෆ්ලයිට් එකේ යන්න ෆස්ට් ඔෆිසර් කෙනෙක් එන්න මේ මගීන් රස්තියාදු වෙනවා කියලා. එක්කෙනෙක්වත් ආවේ නෑ. තිත්ත ඇත්ත මේක තමා. ශ්‍රීලන්කන් ගුවන් සේවය ආරක්ෂා කරගන්න ඕනේ කියලා කියනවා. රැකගන්න ඕනේ කියලා. තමන්ගේ සහෝදර නිලධාරියෙක් අසනීපවෙලා. අපිට මේ ෆ්ලයිට් එක ගෙනියන්න සහයෝගයක් දෙන්නේ නෑ. ශ්‍රීලන්කන් ගුවන් සේවයට ආවේණික වූ ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ ශ්‍රීලන්කන් ගුවන් සේවය වැනි බිලියන 1.2ක් මේ රටේ ආර්ථිකයට පාඩු කරපු මේ ගුවන් සේවාව ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. මම අපේ ගුවන්සේවා අධ්‍යක්ෂකතුමාට නියෝග කර තිබෙනවා කොරියාවට යන්න ඕනේ නම් ශ්‍රී ලංකන් ගුවන් යානයක යන්න අකමැති නම් එය පරක්කු වෙනවා නම් කොරියන් ගුවන් සේවයට ඇවිල්ලා අපි අවස්ථාව දෙනවා ලංකාවේ ගොඩබස්සවන්න. මම මනූෂ නානායක්කාර මැතිතුමාට කිව්වා වහාම ඔවුන්ට දන්වන්න මම පැය 24ක් ඇතුලත ඒ අවසරය ලබා දෙන්නම් කියලා”

 

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 470 යානයේ සිදුවූ ප්‍රමාදයක් හේතුවෙන් අදාළ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා ඉකුත් 20 වනදා පිටත්ව යෑමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 52 නෙකුට එම අවස්ථාව අහිමි විය.

 

එවන් පසුබිමක, ගුවන්යානයේ ප්‍රමාදය සම්බන්ධයෙන් කනගාටුව පළකරමින් ශ්‍රී ලංකන් ආයතනයද නිවේදනයක් නිකුත් කර තිබුණි.

 

එහි දැක්වෙන්නේ, එම ගුවන්යානයේ නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු එදින රාත්‍රියේදී හදිසියේ අසනීප වූ අතර, ගුවන් නියමුවන්ගේ විවේකය හා ආරක්ෂාව සම්බන්ධ පවතින විවිධාකාරවූ රෙගුලාසි හේතුවෙන් පසු දිනය වනතුරු වෙනත් ගුවන් නියමුවෙකු යෙදවීමට නොහැකිවූ බවය.

Related posts

තවත් ස්පුට්නික් එන්නත් තොගයක් දිවයිනට

Mohamed Dilsad

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය ඇරඹේ

Mohamed Dilsad

සුව වූ නාවික සෙබලුන් 16 ක් රෝහල්වලින් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment