දේශීය

සම්බුද්ධාලෝක විහාරය ඉවත් කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරය කඩා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබාදෙමින් කොළඹ මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස දන්වමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

 

එම විහාරයේ විහාරාධිපති හල්මිල්ලකුලමේ සුගතඥාන හිමි විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් පසුව මෙම අතුරු නියෝගය නිකුත් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

 

සෝභිත රාජකරුණා සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

 

පෙත්සමේ වගඋත්තරකරුවන් සෙල මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු පිරිසක් නම් කර ඇත.

 

මෙම විහාරය කඩාදැමීමට මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබාදෙමින් කොළඹ මහෙස්ත්‍රාත්වරයා මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණි.

Related posts

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ප්‍රකාශක ධූරය තරුණ මන්ත්‍රීවරයෙක්ට

Editor O

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක දිවයිනට

Mohamed Dilsad

අදත් ඇමතිවරු රැසක් වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment