දේශීය

ප්‍රංශ සමුළුව අතරතුර ජනපති හෙළිකළ අභියෝගය

මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණදෙන අභියෝග සම්බන්ධයෙන් විධිමත්ව සහ කාර්යක්ෂමව කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ වූ නව මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සමගාමීව පැවති ඉහළ පෙළේ සාකච්ඡා වාරයට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර ඇත.

 

මේ අතර මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණ දෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු අභියෝග සම්බන්ධයෙන් විධිමත් සහ කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව පවතින බවද එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති අත්දැකීම් මෙහිදී ගෙනහැර දැක්වූ ජනාධිපතිවරයා ණය හිමියන් සහ ණය ගැතියන් අතර වඩාත් උසස් ගනුදෙනුවක් ඇති කළ යුතු බව පෙන්වා දී තිබේ.

 

මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණපාන සුවිශේෂ අභියෝග ජය ගැනීම සඳහා වෙනම ක්‍රියාවලියක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කරුණු පැහැදිලි කර තිබුණි

Related posts

එජාප නායකත්වය ගැන තීරණාත්මක රැස්වීම අද

Mohamed Dilsad

සිමෙන්ති මිල යළි ඉහළට

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් කවුන්සලයේ 51 වැනි මානව හිමිකම් සැසිය අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment