දේශීය

අස්වැසුම ගැන රජයේ අලුත්ම තීරණය

අස්වැසුම වැඩසටහන සඳහා අඩු ආදායම්ලාභීන් තෝරාගැනීමේ සමීක්ෂණයේදී අඩුපාඩුවක් වී ඇත්නම් එය නිවැරදි කිරීම සිදුකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

 

ඔහු පැවසුවේ එම වැඩසටහන තුළින් අඩු ආදායම්ලාභීන් හා රෝගවලට ගොදුරු වූ පුද්ගලයින් ඉවත් කිරීම කිසිදු ආකාරයකින් සිදුනොකරන බවය.

 

පෙරට වඩා වැඩි අඩු ආදායම්ලාභීන් සංඛ්‍යාවකට ප්‍රතිලාභ ලබාදීමේ අරමුණින් අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

 

අස්වැසුම වැඩසටහන සඳහා ආදායම්ලාභීන් තෝරාගැනීමේ සමීක්ෂණයේදී අඩුපාඩු සිදු වී ඇති බවට අද (23) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරු කිහිප දෙනෙකු සිදුකළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

 

වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති බව ද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේය.

Related posts

මුදල් ඇමති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

මාවනැල්ල පස් කන්ද කඩා වැටී අතුරුදන්වූ 04 දෙනාගේම සිරුරු හමුවෙයි

Mohamed Dilsad

ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment