දේශීය

‍කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

‍කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (24) දිනයේ පැය 16 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව එම මණ්ඩලය සඳහන් කළේය.

 

අද පෙරවරු 08.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

 

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ටත් සහන යෝජනා [RELEASE]

Mohamed Dilsad

රිශාඩ්ට පාර්ලිමේන්තු එන්න කිසිඳු බාධාවක් නෑ – නීතිපති දැනුම් දෙයි

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙක් අතර විවාදයක්

Editor O

Leave a Comment